සත්වෙනි තරුව, සෙව්වන්දි රුක්මල්දෙණිය.


සිංහල නවකතාවක්, ආදරාන්දරයක් මේ ආකෘතියේයැයි, එවන් කතාවක චරිත මේ යැයි, එහි අවසානය යැයි කියවන්නට පටන් ගනිත්ම අනුමාන කළ හැකි ලෙසටම එකම ආරකින් ලියැවෙන කතා බහුතරයක් අතර සත්වෙනි තරුව වෙනස්ම ආරක නවකතාවකි. 

සුපුරුදු 'ආදර කතා තේමාවෙන්' බැහැරව, චරිත නාමකරණයේ පටන් නැවුම් බවකින් විහිදී ගොස් ඇති සත්වෙනි තරුව හුදෙක් සුන්දර තරුණියක් හා කඩවසම් තරුණියක් අතර ඇතිවන ප්‍රේම වෘත්තාන්තයකින් ඔබ්බට දිව යන්නකි. 

ඒ සඳහා පාදක කොටගෙන ඇති පරිසරය  එහි නැවුම් බව තවත් වැඩි කරන්නාක් මෙන් හැඟිණි. එලෙසම, සාමාන්‍යයෙන් අප කියවා ඇති සුපුරුදු කාන්තා චරිත වෙනුවට යොදාගෙන ඇති කාන්තා චරිතයද සුවිශේෂී ය. ආරම්භයේ පටන්ම කුතුහලය දනවන විවිධ සිදුවීම් වලින් පාඨකයාව ඇද බැඳ තබා ගන්නා මෙහි හාස්‍ය රසයද ගැබ්ව තිබීමෙන් එය වඩාත් සිත් ඇදගන්නා සුළු කතා පුවතක් බවට පත් වේ. 

සත්වෙනි තරුවේ මා වඩාත් ප්‍රිය කළ කොටස එහි අවසානයයි. ඒ අනපේක්ෂිත අවසානයෙන් මෙම නවකතාව ශෝකාන්තයක් ද නැති ද යන්න සිතාගත නොහැකිය. එහෙත්, ඒ අවසානය මට Warna Rasika Gunawardana ගේ සුන්දර කවි පෙළක් සිහිපත් කරවන්නට සමත් විය. 

ආදරේ යනු 

යන්ට දීමය

ආයෙ ආවොත් 

ඉන්‍ට දීමය!!! 

Sewwandi Rukmaldeniya ගේ සත්වෙනි තරුව තවත් එක් සුපුරුදු නවකතාවක් නොවන්නේත්, එහෙත්වෙනස්ම ප්‍රේම වෘත්තාන්තයක් වන්නේත් එබැවිනි...

................................................................. 

සභිශාන'ඹරෙහි බැබළුණු සත්වෙනි තරුව, සත්වෙනි තරුව ලෙස නම් වීමේ අරුත මම තවමත් කල්පනා කරමි. 

Comments

Popular Posts